කවි රස

ඔබේ ආදරේ උද්ධමනයට අහු වෙද්දී
මම හිතුවේ,
මිළ ඉහළ ගිහින්, සැපයුම වැඩිවෙයි කියල
ඒත් ඒ මිලම දරාගන්න බැරිව
ජීවිතයම බංකොලොත් වුණු හැටි

(බාලේ)




ජාතියක විකිණෙන හද ගැස්ම

 

උඩරට, පහතරට, සබරගමු
ගැටබෙර, යක්බෙර, දවුල්
සමගින් වෙස් නැටුම්
තබමින් පද, තාලයට යුතු
නද දෙති, රගති නැට්ටුවන්
හිස නමා පිළිගනිති
පර රටෙහි සුද්දන්-හෙළුවෙන් යුතු

ජාතියක හද ගැස්ම
පරපුරක ජීවය
මෙසේ විකුණයි
රටෙහි මතුරැක්ම පතා...
(ඩුමා)